ඉන්ධන පිරවුම්හල් වෙතින් අද පෙට්‍රල් නිකුත් කිරීමේ කිසිම හැකියාවක් නොමැති බවත් පොලිම්වල රැදී නොසිටන ලෙසත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා මීට පෙර ද පාර්ලිමේන්තුවේ දී ඉන්ධන සම්බන්ධව පවතින තත්ත්වය පැහැදිළි කළ අතර එහිදී ද ජනතාවට ඉන්ධන පිරවුම් අසල පොලිම්වල රැදී නොසිටන ලෙස ඉල්ලීමක් කර තිබුණි.



