සාමාන්‍ය පෙළ විභාග කාර්ය මණ්ඩලවලට දැනුම්දීමක්

Share

අද (20) පාසල් නිවාඩු දිනයක් ලෙසට අධ්‍යාපන අමාත්‍යංශය මගින් ප්‍රකාශයට පත් කර තිබුණ ද සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාර්ය මණ්ඩල කලින් යොදාගත් පරිදි අද නියමිත රාජකාරී සඳහා සේවයට වාර්තා කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව විභාග ශාලා සඳහා යොදා ගන්නා සියලුම පාසල්වල විදුහල්පතිවරුන් අද දිනයේ පාසල්වලට වාර්තා කර විභාග ශාලා සකස් කර ගැනීමේ රාජකාරී සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙසද දැනුම්දී තිබෙනවා.

විභාග ශාලාධිපතිවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ නිර්දේශ අනුව විභාග ශාලා නිරීක්ෂණ කටයුතු සඳහා නම් කරනු ලබන ගුරු මහත්ම මහත්මින් ද විභාග ශාලාධිපතිවරුන්ගේ කැඳවීම මත අදාළ රාජකාරි සඳහා වාර්තා කළ යුතු බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ සම්බන්ධවෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Read more

Local News