විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය I හි නිලධාරීන්ට ලද තොරතුරකට, අනුව පොලිස් පොලිස් සැරයන් 13072 සාලිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.05.23 වන දින දෙහිඕවිට පොලිස් වසමේ දෙහිඕවිට ප්‍රදේශයේ යෝගමවත්ත සහකාර ක්‍ෂේත්‍ර නිලධාරී නිල නිවස්නය තුළ දී වැටලීමක් සිදු කර ඇත.
එහි දී පැය 1730 ට බලපත්‍ර නොමැතිව බෝර 12 වර්ගයේ ගිණි අවියක් සන්තකයේ තබාගෙන සිටි අවිස්සාවේල්ල, උඩුවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිඕවිට පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.



