48 වන ලෝක කුසලතා තරගාවලියට එක් වන චීන නියෝජිත කණ්ඩායම නිල වශයෙන් නම් කරයි

Share

වෘත්තිය කුසලතා ප්‍රදර්ශනය කිරීම සඳහා පැවැත්වෙන ලොව විශාලතම ජාත්‍යන්තර තරඟා‍වලිය වන ලෝක කුසලතා තරගාවලියේ 48 වැනි අදියර ලබන සැප්තැම්බර් මස 22 වනදා සිට 27 වන දින දක්වා ෂැංහයි නගරයේදී පැවැත්වීමට නියමිතය. එම තරගාවලිය සඳහා එක් වන චීන නියෝජිත කණ්ඩායම ද මේ වන විට නිල වශයෙන් නම් කර ඇත.
ඒ අනුව එම චීන නියෝජිත කණ්ඩායම සාමාජිකයින් 220 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඊට එක් වන තරඟකරුවන් සංඛ්‍යාව 71කි. මෙම තරගාවලිය සඳහා එක් කර තිබෙන 64 ක් වන සියලු තරග ඉසව් සඳහා චීන කණ්ඩායම සහභාගී වේ. මෙම තරඟකරුවන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 21 කි. එහි ලාබාලතමයාගේ වයස අවුරුදු 18 ක් වන අතර වයසින් වැඩිම තරඟකරුවාගේ වයස අවුරුදු 25 කි.
මෙවර තරගාවලිය නිෂ්පාදනය, ප්‍රවාහනය, ගෘහ නිර්මාණ ශිල්පය, තොරතුරු, නිර්මාණාත්මක කර්මාන්තය සහ සේවාව යන ප්‍රධාන කුසලතා කාණ්ඩ හය ආවරණය කරයි. රටවල් සහ කලාප 70කට ආසන්න සංඛ්‍යාවකින් තරඟකරුවන් 1,400 ක් පමණ මෙවර තරගාවලියට එක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read more

Local News