වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ මිල සීමාව යළි සංශෝධනයට

Share

ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසුව වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ දී පනවා තිබූ මිල සීමාවන් නැවත වතාවක් සංශෝධනයට ලක් කර තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ මිල සං‍ශෝධන අනුව,

යතුරු පැදි සඳහා මිල සීමාව රු 2500 /=ද
රුපියල් ත‍්‍රීවීල් සඳහා රු 3,000 /=
අනෙකුත් වාහන සඳහා රු 10,000 /= ද සීමාවකට යටත්ව ඉන්ධන මිලදී ගැනීම සංශෝධනය වේ.

මෙම සංශෝධනය අද (24) සිට ක්‍රියාත්මක වන බව පැවසු බලශක්ති අමාත්‍යවරයා , තොග එක් රැස් කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අතර එසේ සිදු කිරීමෙන් සංචිත සීමාවන බවත් ඉන් ජනතාවට යළි හිරිහැරයකට ලක් වීමට සිදු වන බවත් පැවසීය.

Read more

Local News