කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ඇරඹේ

Share

දකුණු කොරියානු රැකියා සඳහා තරුණ තරුණියන් බඳවා ගැනීම සඳහා වන 2022 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය මැයි මස 23 වන දින ආරම්භ විය.

මෙය මෙරට පවත්වන පස්වන කොරියානු භාෂා ප්‍රවිනතා විභාගය වන අතර මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 31378 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර, දිනකට කණ්ඩායම් 4 බැගින්, පරිගණක ආශ්‍රයෙන් පැවැත්වෙන මෙම විභාගවට පෙනී සිටියි.

විභාගය 2023 පෙබරවාරි 03 දින දක්වා කාර්යාංශයේ පන්නිපිටිය පරිගණක මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කිරීම අදියර දෙකක් යටතේ සිදුකිරීමට නියමිත අතර, පළමු අපේක්ෂකයින් 7000 ගේ ප්‍රතිඵල 2022 ජූලි මස 05 දින නිකුත් කිරීමට නියමිතය.

Read more

Local News