මිල වැඩි කළත් ජනතාවට අවශ්‍ය තරම් ගන්න ඉන්ධන අපේ රටේ නැහැ.
ඉන්ධන නැති නිසා ඇති වූ කලහකාරී සිදුවීම් හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් හතළිහකට වැඩි ප්‍රමාණයක් වසා දමා තිබෙනවා.
මේ අතර ඉන්ධන ජාවාරම්ද රට තුළ ඉතා සරුවට ක්‍රියාත්මක වනවා.
මේ වන විට ගෑස් බෙදා හැරීමද තාවකාලිකව නතර වී තිබෙනවා. ඒත් ජනතාව තවමත් ගෑස් පෝලිම් වල.
ඉන්ධන මිල ගණන් ඉහළ දැමුවද ජනතාවට ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල අදත් දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුව තිබෙනවා.



