වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ඩීසල් බවුසරයක් සමග 4ක් අත්අඩංගුවට

Share

වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ඩීසල් බවුසරයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඇත.

පොලීසිය පවසන්නේ එම බවුසරයේ ඩීසල් ලීටර් 6,600ක් තිබුණු බවය.

පොලීසියට ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදා ගනිමින් මීගොඩ වටරැක ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

මුතුරාජවෙල ගබඩා පර්යන්තයෙන් කටුනායක ආයතනයකට රැගෙනයාම සඳහා අදාළ ඩීසල් තොගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

Read more

Local News