රියදුර බලපත්‍ර නිකුත් කිරීම සහ අළුත් කිරීම සඳහා වන වෛද්‍ය පරික්ෂණ ගාස්තු ලබන 08 වනදා සිට සංශෝධනය කර ඇත.
වෛද්‍ය පරික්ෂණ ගාස්තු සහ ඒ සඳහා භාවිත කරන ද්‍රව්‍ය හා උපකරණවල මිල ඉහළයාම හේතුවෙන් මෙම සංශෝධනය සිදුකළ බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහන් කරයි.
සැහැල්ලු වාහන සඳහා වන වෛද්‍ය පරික්ෂණ ගාස්තුව රුපියල් 1,500ක් දක්වා ඉහළ නංවා ඇති අතර බර වාහන සඳහා වන වෛද්‍ය පරික්ෂණ ගාස්තුව මුත්රාවල මත්ද්‍රව්‍ය පරික්ෂණය හැර රුපියල් 1500ක් දක්වා ඉහළ දමා ඇති බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසයි.