මේ වන විට අප කලාපය තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළත් දැඩි ආන්දෝලනයකට ලක්වී ඇති චීනයේ යුවාන් වෑන් ෆයිව් නෞකාව හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
හෙට උදෑසන දහයට පමණ හම්බන්තොට වරායට මෙම නෞකාව සේන්දු වීමටයි මේ වන විට නියමිතව ඇති බවට තොරතුරු වාර්තා වන්නේ. මෙම නෞකාව පසුගිය දහ වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණත් ඉන්දියාවේ දැඩි විරෝධය සහ ශ්‍රී ලංකාව ඊට අවසර ලබා නොදීම හමුවේ මෙම චීන නෞකාවේ ශ්‍රී ලංකා ගමන ප්‍රමාද වුණා.
ඉන්දියාව දිගින් දිගටම චීන නෞකාවේ පැමිණීමට එරෙහිව අදහස් දක්වමින් සිය විරෝධය චීනයට මෙන්ම ශ්‍රී ලංකාවට ද මේ සම්බන්ධයෙන් පළ ලැබුවා. එවන් තත්වයක් තුල ජාත්‍යන්තරයද දැඩි ආන්දෝලනයක් නිර්මාණය කළ නෞකාවක් බවට චීනයේ යුවාන් වෑන් ෆයිව් පත්ව තිබෙනවා.
සිය නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් චීනයද පසුගිය දිනවල දැඩි අප්‍රසාදයක් පළ කළේ ශ්‍රී ලංකාවටයි. ඉන්දියාවද ශ්‍රී ලංකාවට දිගින් දිගටම චෝදනා එල්ල කළේ ශ්‍රී ලංකාව මෙම නෞකාවට පැමිණීමට අවසර ලබා දීම වැරදි සහගත ක්‍රියාවක් බවටයි.
කෙසේ වෙතත් චීනයේ යුවාන් වෑන් ෆයිව් නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දීමට පසුගියදා විදේශ කටයුතු අමාත්‍යංශය හරහා වරයා කටයුතු කළා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව දෙවන අවස්ථාවේදී මෙම නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දීම පිළිබඳව ඉන්දියාව කිසිදු ප්‍රකාශයක් සිදු කළේ නැහැ. මේ නිසා ඉන්දියාවේ ප්‍රකාශය පිළිබඳව ඉන්දියාවේ ස්ථාවරය පිළිබඳව ජාත්‍යන්තරයම දැඩි අවධානයක් යොමු කර තිබුණා.
හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත යුවාන් වෑන් ෆයිව් චීන නෞකාව ලබන විසි දෙවනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතයි.



