මිල සූත්‍රයට අනුව අද ඉන්ධන මිල සංශෝදනය කරයිද?

Share

සෑම දින දාහතරකට වරක්ම සඳුදා දිනයේ ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතයි.

ඒ අනුව අද දිනයේදී ඉන්ධන මිල අඩුවිය හැකි බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.

අද දින ඉන්ධන මිල අවම රුපියල් හැත්තෑවකින්වත් අඩුවිය යුතු බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසනවා.

මේ අතර QR ක්‍රමවේදය ඊයේ රාත්‍රියේ සිට යළි යාවත්කාලීන කර තිබෙනවා.

අගෝස්තු මස පළවෙනිදා සිටයි QR ක්‍රමයට ඉන්ධන ලබා දීමට රජය පියවර ගෙන ඇත්තේ.

අදත් QR ක්‍රමවේදය යටතේ ඉන්ධන බෙදාහැරීම සිදු කරනවා.

QR ක්‍රමවේදය නිසා පසුගිය දිනවල පැවති දිගු ඉන්ධන පෝලිම් යම්තාක් දුරකට අඩුවී ඇති බවයි දක්නට ඇත්තේ.

Read more

Local News