ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිස අතර හමුව (18) පස්වරුවේ සිදුවිය.
ජනාධිපති කාර්යාලයේ පැවැති මෙම හමුවට ආසියා සහ පැසිෆික් කලාපයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ බැංකොක් කාර්යාලයේ අධ්යක්ෂ ඩේවිඩ් මස්නෙක්යන් කාර් (David Mclachlan-Karr), එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හැනා සිංගර් (Hanaa Singer), එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ප්‍රධානී ඇන්ඩ්‍රියාස් කර්පාති (Andreas Karpati) යන පිරිස ඊට එක්ව තිබුණා.
ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්යක්ෂ දිනුක් කොළඹගේ, ජනාධිපති තරුණ හා තිරසර සංවර්ධන කටයුතු පිළිබඳ අධ්යක්ෂ රන්දුල අබේධීර යන අයද මෙම අවස්ථාවට එක්ව සිටියා.



