අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ සංවිධානය කළ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් සිසුන් සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊට අන්තරේ කැඳවුම්කරු, වසන්ත මුදලිගේද ඇතුළත්.
ඒ අනුව අද දින ඔහු ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.
”ඩීල් රනිල් රාජපක්ෂ ජුන්ටාව පන්නමු” ලෙස තේමා කර ගනිමින් ආරම්භ වූ විරෝධතාවයට පොලිසිය, කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා.
ඉන් අනතුරුවයි විරෝධතාකරුවන් පිරිස පොලිස් අත්අඩංගුවට පත්වුණේ.



