මේ වන විට රටේ පවතින්නේ දැඩි ඖෂධ හිඟයක්.
අත්‍යවශ්‍ය ඖෂධ රටේ නැහැ. ඩොලර් හිඟය ප්‍රධාන හේතුවක්. ඒ වගේම බොහෝ ඖෂධවල මිලත් දෙතුන් ගුණයකින් ඉහළ ගිහින්.
මේ නිසාම රෝගීන් තවත් අසරණයි. බෙහෙත් ගන්න රෝහලට ආවත් හිස් අතින්ම හැලිලා යන තැනට අද රෝහල් පද්ධතිය වෙමින් තිබෙනවා. මේ නිසාම හැකි ආකාරයෙන් ඖෂධ පරිත්‍යාග කරන ලෙසයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ.
ඒ අනුව වියට්නාමයේ ජීවත්වන ජනතාව හා බෞද්ධ භික්ෂූන් වහන්සේලා එක්රැස් කරන ලද මුදල්වලින් රුපියල් මිලියන දාසයක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට පරිත්‍යාග කෙරුණා.