රැකියා සඳහා විදෙස් ගතවන කාන්තාවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචිය ලබා ගැනිමේදි තම බාල වයස්කාර දරුවන්ගේ ආරක්ෂාව සඳහා වු රැකවරණ වැඩපිළිවෙල සලසා ඇති බවට දිවුරුම් ප්‍රකාශයක් මගින් තහවරු කිරිම අනිවාර්ය වේ.
මේ පිළිබඳව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛනයක් නිකුත් කර තිබේ. 2022.06.27 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයක් අනුව මෙම චක්‍රලේඛනය නිකුත් කර ඇත.
වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යාමට මෙම නව සංශෝධනය මගින් අවසර ලබා නොදෙන අතර, එවැනි කාන්තාවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ලබාගැනිමටද අවස්ථාව හිමි නොවේ.



