Voice of Asia මාධ්‍ය ජාලයේ වාර්ෂික පිරිත් සජ්ඣායනය නිමාවට පත් වෙයි

Share

රටටත් ජනතාවටත් සෙත් පතමින් මාධ්‍ය ජාලයේ උන්නතිය උදෙසාත් ආශිර්වාද ලබා ගැනීම උදෙසාත් වාර්ෂිකව පවත්වනු ලබන Voice of Asia මාධ්‍ය ජාලයේ පින්කම් මාලාව ඊයේ දිනයෙන් ආරම්භ වුණා.

ඊයේ රාත්‍රී නමයට පමණ මාධ්‍ය ජාලයේ අංක එකසිය දාහතෙන් දහය, හුණුපිටිය වැව පාරේ පිහිටි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී මහා සංඝරත්නයේ මූලිකත්වයෙන්, සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය පවත්වනු ලැබුවා.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිට සධාතුක කරඬුව ආයතන පරිශ්‍රයට වැඩම කරවීම ප්‍රථමයෙන් සිදුවුණා.

මාධ්‍ය ජාලයේ සභාපති රොෂාන්ත කාරියප්පෙරුම මහතාගේ මගපෙන්වීම මත ආයතනයේ ජේෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාරියප්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් මෙවරත් ආගමික වැඩසටහන් මාලාවේ කටයුතු සිදු කෙරුණා.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිරිත් සජ්ඣායනය ආරම්භ කිරීමට ප්‍රථම අනුශාසනාව සිදු කළා.

පිරිත් සජ්ඣායනය අවසන් වීමෙන් අනතුරුව අද උදෑසන හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මහා සංඝරත්නය උදෙසා හීල් දානය පිළිගැන්වීම සිදු වුණා.

Read more

Local News