පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් මිල ඉහළ දැමුවා. ඒ රුපියල් දෙසිය පනස් තුනක මුදලකින්. මේ හේතුවෙන් සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.
ඒ අතර ප්‍රධාන වශයෙන් ධීවර කටයුතුවල නිරත වන්නන් තම ජීවනෝපාය කරගැනීමට නොහැකිව අසරණ තත්වයකට පත්ව සිටිනවා.
භූමිතෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් ප්‍රදේශ කිහිපයක අද විරෝධතා සංවිධානය කර තිබුණා.



