කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට අදාළව ගැටුම් ඇති කිරීමේ ඇතැම් රටවල උත්සාහයට චීනයේ විරෝධය

Share

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සම්බන්ධයෙන් ලොව බලවත් රටක් තෝරා ගනිමින් ඔවුන්ට පක්ෂපාතී වීමට හෝ කණ්ඩායම් අතර ගැටුම් ඇති කිරීමට ලොව ඇතැම් රටවල් ගන්නා උත්සාහයට චීනය දැඩි ලෙස විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියන් මහතා ප්‍රකාශ කරයි. ඔහු ඒ බව සඳහන් කළේ බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී, “කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට අදාළ අවස්ථා සඳහා වන හවුල්කාරිත්වය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය” සඳහා සම-අනුග්‍රහය ලබා ගැනීමේ ඇමරිකානු සැලැස්ම සම්බන්ධයෙන් වාර්තාකරුවෙකු කළ විමසීමකට ලින් ජියන් මහතා ප්‍රතිචාර දැක්වීය.
විවිධ රටවලට සිය තත්ත්වයන් සහ සංවර්ධන අවශ්‍යතා මත පදනම්ව තම හවුල්කරුවන් තෝරා ගැනීමට අයිතිය ඇති බව ඔහු එහිදී පැහැදිලි කළේය. සියලු පාර්ශ්වයන් ‘එක් පාර්ශ්වයක් ලබන ලාභය තුළින් අනෙක් පාර්ශ්වය අලාභයක් ලැබීමේ පටු මානසිකත්වයෙන්’ මිදී, සහයෝගීතාවය තහවුරු කරමින් සියලු ජාතීන්ගේ ඩිජිටල් ස්වෛරීභාවයට ගරු කළ යුතුය. කෘත්‍රිම බුද්ධිය පොදු සමෘද්ධිය සහ පොදු ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන ධාවකයක් බවට පත් කිරීම සඳහා, සාධාරණ ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලන පද්ධතියක් ගොඩනැගීමට සැවොම එක්ව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ලින් ජියන් මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News