අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දරගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ ප්‍රධාන කඳවුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක සේනාධිර මහතාගේ මෙහෙයවීම හා අධික්ෂණය යටතේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.08.23 වන දින දෙමටගොඩ පොලිස් වසමේ ලක්හිරු සෙවන ඉදිරිපිට මාර්ගයේ වැටලීමක් සිදුකර ඇත.

එහිදී පැය 2055 ට ලක්ෂ හයකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55, මිලි ග්‍රෑම් 310ක් හා ජවාරමින් උපයාගත් මුදල් රුපියල් 138,500.00 ක් සමඟ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානයට භාරදී ඇත.

Read more

Local News