නොරොච්චෝලේ අක්‍රීය වූ පළමු ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට

Share

නොරොච්චෝලේ, ලක්විජය ගල් අඟුරු බලාගාරයේ කාර්මික දෝෂයකට ලක් වූ පළමු ජනන යන්ත්‍රය ජාතික විදුලිබල පද්ධතියට යළි එක්කර තිබෙනවා.

මෙගාවොට් දෙසිය හැත්තෑවක ධාරිතාවයක් ඊයේ රාත්‍රීයේ සිට ජාතික පද්ධතියට එක්වූ බවයි විදුලි මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ.

දෙවැනි ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. විදුලි කප්පාදු කාලසීමාව පහළ දැමීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ජල විදුලිය උත්පාදනය ඉහළ නැංවීම හා ඩීසල් හෝ නැප්තා ඉන්ධන ලබා දෙන ප්‍රමාණයන් අනුව විදුලි කප්පාදු කාලය අඩු කිරීමේ හැකියාවක් පවතින බවයි නියොජ්‍ය සාමාන්‍යාධිකාරී සඳහන් කළේ.

Read more

Local News