විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක විශේෂ මෙහෙයුම් 11 හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.09.20 වන දින හික්කඩුව පොලිස් වසමේ වලමුල්ලපාර, දොඩන්දුගොඩ, දොඩන්දුව ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර ඇත.
එහි දී බලපත්‍ර නොමැතිව 9×19 mm උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ කඩුවක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 24 ක, දොඩන්දුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා හික්කඩුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.



