දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඇති අතර, ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කර තිබෙනවා. සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අවවාද කළා. මෙම නඩුව ඔක්තෝබර් 20 වැනිදා යළි කැඳවීමට නියමිතයි.



