දෙමටගොඩ දුම්රිය අංගනය වෙත ධාවනය කළ රුහුණු කුමාරි දුම්රිය එම අංගනයේ පැරණි ගොඩනැගිල්ලකට කඩාවැදී එම ගොඩනැගිල්ලට හානි සිදුව ඇත.
අද (27) උදෑසන බෙලිඅත්ත සිට පැමිණි රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය ධාවනය අවසන් කොට නැවත දුම්රිය අංගනය වෙත ගමන් කරවීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ.
නඩත්තු කටයුත්තක් සඳහා අංගනයට රැගෙන ආ දුම්රිය නතරකිරීමේ සීමාව ඉක්මවා යෑම හේතුවෙන් දුම්රිය මාර්ගයෙන් පිටතට පැන එම පැරණි ගොඩනැගිල්ලට කඩාවැදී ඇත.



