ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට ජපානය බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට වේලාවෙන් අද පෙරවරු දහයයි හතළිස් පහට පමණ ජපාන නව අග්‍රාමාත්‍යවරයා හමුවී තිබෙනවා. රාජ්‍ය නායකයින් අතර මේ වන විට ද්විපාර්ශවීය සාකච්ඡා ආරම්භ වී ඇති බවයි ජපානයේ සිටින අප වාර්තාකරුවන් පවසන්නේ.
විශේෂයෙන්ම මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ ණය ප් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවනු ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ණය හිමිකරුවන් සමඟ මැදිහත් වී කටයුතු කිරීම සඳහා ජපානය මූලිකත්වය ගෙන තිබෙනවා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන විදේශ අමාත්‍ය සමඟ ද සාකච්ඡා කර තිබුණා.
එහිදී ද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මූලිකත්වය ලබාදෙමින් කටයුතු කරන බවයි විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ. මෙම සංචාරයට සමගාමීව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පසුගියදා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලීසිංලූ හමුවී සාකච්ඡා පවත්වා තිබුණා.
එහිදී සිංගප්පුරුව සමඟ ඇතිකරගත් නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්රමුඛ අරමුණක් බවයි ජනාධිපති රනිල් වික් රමසිංහ ප්‍රකාශ කර තිබුණේ.



