22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන ඔක්තෝබර් ස 6 සහ 7 වනදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර තිබේ.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.



