ජනපති රනිල්, පිලිපීන ජනපති හමුවෙයි

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පිලිපීන ජනාධිපති බොන් බොන් මාකෝස් හමුවී තිබෙනවා. ඒ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි මල්කානන් මාලිගයේදී.

ජපානයේ දෙදින නිල සංචාරය නිම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිලිපීනයට පැමිණියේ ඊයේ දිනයේදී.

මේ අතර අද ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ පනස් පස්වෙනි රැස්වීමද පැවැත්වීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම රැස්වීමේ මුලසුන දැරීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.

සංචාරය නිම කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා හෙට යළි දිවයිනට පැමිණෙනු ඇති.

Read more

Local News