කොළඹ ජාතික රෝහලේ රසායනාගාර පරීක්ෂණ විස්සක් පමණ සිදු කිරීම නතර කර දමා ඇති බව රසායනාගාර වෘත්තීයවේදීන් පවසනවා. මෙම ගැටලුව අනෙකුත් පළාත්වල ප්‍රධාන රෝහල්වලත් පවතින බවයි රසායනාගාර පවසන්නේ.
දියවැඩියාව, කොලෙස්ටරෝල් ඇතුළු ජීව රසායන පරීක්ෂණයි මෙලෙස නතර කර දමා ඇත්තේ. මේ පිළිබඳව රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් අප කළ විමසීමකදී මෙලෙස අදහස් පළ කළා.



