ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අද

Share

රටක ජනගහනයෙන් ළමා සහ වැඩිහිටි නියෝජනය සැලකිය යුතු ප්‍රමාණයකි. ළමුන් යනු රටක අනාගතයයි.. වැඩිහිටියන් එම අනාගතය සැකසීමට මනා පිටිවහලක් වී ජීවිතයේ සැදෑ සමය ගෙවන පිරිසකි.. ඒ අයුරින් බලන කළ ළමුන් සහ වැඩිහිටියන් යන කොට්ටාස දෙකම රටකට සම්පතකි. එම නිසාම ළමුන් සහ වැඩිහිටියන් සදහා ජාත්‍යන්තර දින වෙන්වී ඇත.

ළමා අයිතීන් සුරැකීම සඳහා ප්‍රමුඛතාව දීම සියලුම මානව වර්ගයාගේ අතිමහත් යුතුකම ලෙස සලකමින් ලෝකයේ සියලුම රටවල ලෝක ළමා දිනය එසේත් නොමැතිනම් විශ්ව ළමා දිනය සමරනු ලබයි. එක් එක් රටවල වර්ෂයේ විවිධ දිනයන්හිදී මෙම ලෝක ළමා දිනය සැමරීම විශේෂත්වයකි.

වර්ෂ 1856 දී ජුනි දෙවැනි ඉරිදායින් ඇරඹි ලෝක ළමා දින සැමරුම ලොව පුරා රටවල් ජුනි පළවෙනි දින, නොවැම්බර් විසිවන දින ආදී ලෙස විවිධ දිනයන්හිදී යොදා ගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ලෝක ළමා දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 01 වැනිදා ය.

ලොව පුරාම ලෝක ළමා දිනය ප්‍රථම වරට එක්ව සමරනු ලැබුවේ 1955 ඔක්තෝම්බර් මස 01 වැනිදා ය. ලෝක වැඩිහිටි දිනයද ඔක්තෝම්බර් පළමුවෙනිදාට සමරනු ලබයි.

Read more

Local News