අපේ රටේ දැන් පවතින්නේ දැඩි ඖෂධ හිඟයක්. ඖෂධ හිඟය වගේම ඖෂධ මිල තුන් හතර ගුණයකින් ඉහළ ගිහින්. මේ නිසාම රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව අවසන්.
විශේෂයෙන්ම මේ ඖෂධ මිල ඉහළ යාමට තවත් හේතුවක් තමයි ඖෂධ වලට මිල නියාමනයක් නැතිකම. කොච්චර මිල ඉහළ ගියත් ඇමතිවරයා තවමත් මේ සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැහැ. ඒ අනුව වහාම මිල නියාමනය සිදුකර රෝගීන්ට සහන සැලසිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.



