වසරකට මුළු පිරිවැටුම රුපියල් මිලියන එකසිය විස්සක් ඉක්මවන අය සඳහා සියයට දෙකයි දශම පහක අනුපාතයක් යටතේ නව බද්දක් ලෙස සමාජ ආරක්ෂණ බද්ද හඳුන්වා දුන්නා.
වසරකට මුළු පිරිවැටුම මිලියන එකසිය විස්සක් ඉක්මවන ආනයනකරුවන් නිෂ්පාදකයින්, සේවා සපයන්නන් සහ තොග වෙළඳුන් සඳහා මෙම බද්ද අද සිට ක්‍රියාත්මකයි. දෙදහස් විසි දෙක අයවැය යෝජනා මගින් සමාජ ආරක්ෂණ අරමුදලක් හඳුන්වා දෙන්නට ඉදිරිපත් කළ මෙම යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඒ වැඩි ඡන්ද අසූ එකකින්.
සමාජ ආරක්ෂණ බද්දට පක්ෂව ඡන්ද අනූ එකක් අතර විපක්ෂව හිමි වුණේ ඡන්ද දහයක් පමණයි. සමාජ ආරක්ෂණ බද්දෙන් රජය වසරකට අපේක්ෂා කරන ආදායම රුපියල් බිලියන එකසිය හතළිහක්.
අද සිට ක්‍රියාත්මක මෙම ආරක්ෂණ බද්දෙන් භාණ්ඩ සහ සේවාවල මිල ගණන් තවදුරටත් ඉහළ යන බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.