අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40/- කින් අඩු කර ඇති අතර නව මිල රු.410/- කි.
එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30/- අඩු කර ඇති අතර නව මිල රු.510/- කි.
මේ අතර ලංකා IOC සමාගම ද නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දෙන්නේ සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව සිය පෙට්‍රල් මිල සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවය.
