හොරුන්ට තිබ්බ පොලිස් වෙඩිල්ලට ඉරේෂා බිලි

Share

මීරිගම, දංඕවිට ප්‍රදේශයේදී කොල්ලකරුවන් පිරිසකට පොලීසිය සිදුකළ වෙඩිතැබීමක් අතරතුර බසයක සිටි 29 හැවිරිදි තරුණියක් වෙඩිවැදී ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, කොල්ලකරුවන් වෙත එල්ල කළ වෙඩිල්ලක් ඇයට වැදී ඇතැයි විශ්වාස කරන බවය.

එම වෙඩිතැබීමේ සිද්ධිය වී ඇත්තේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ මීරිගම දංඕවිට මංසන්ධියේදීය.

වෙඩි වදින අවස්ථාවේ ඉරේෂා සිට ඇත්තේ කහටගස්දිගිලිය සිට කොළඹ දක්වා ගමන්ගනිමින් තිබූ බස් රථයක පිටුපස ආසනයේය.

Read more

Local News