පෙට්‍රල් මිල අඩු කළත් ත්‍රීරෝද රථ ගාස්තු අඩු නොවෙයි

Share

පෙට්‍රල් මිල අඩුවීමක් සිදු වුවද ත්‍රීරෝද රථ ගාස්තු අඩු නොකරන බව ත්‍රීරෝද රථ සංගම් පවසනවා.

ඒ අනුව සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේ, ත්‍රීරෝද රථ සඳහා දැනට ලබාදෙන ලීටර් 5 ප්‍රමාණවත් නොවන බවයි.

එවැනි තත්ත්වයක් තුළ ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බවත් ජනතාවට සහනයක් ලබාදීමට අවශ්‍ය නම් ලබාදෙන ඉන්ධන කෝටාව වැඩිකළ යුතු බවයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ වෘත්තිය සමිතිය වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News