ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලයේ සභාපති හා කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ රදගුරු තැන්පත් අතිඋතුම් ආචාර්ය හැරල්ඩ් ඇන්තනී පෙරේරා රාජගුරු ප්‍රසාදීන් වහන්සේ අතර හමුවක් (02) පස්වරුවේ සිදු විය.
කුරුණෑගල කතෝලික රදගුරු නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා රදගුරු හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසීමෙන් අනතුරුව කතෝලික ආගමික කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළේය.



