ලෝක ළමා දින සැමරුම රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය පරිශ‍්‍රයේ දී

Share

‘සිහින දකින අපේ ලොවක්’ යන උදෘතය තේමාකර ගනිමින් ලෝක ළමා දිනයට සමගාමිව ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනි පතිරණගේ මැතිණියගේ මගපෙන්විමෙන් සංවිධානය කරනු ලැබු ‘ලෝක ළමා දින සැමරුම 2022’ වැඩසටහන රත්මලාන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය පරිශ‍්‍රයේ දි 2022 ඔක්තෝම්බර් මස 02 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප‍්‍රදානත්වයෙන් පැවැත්විණි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ විසින් සංවිධානය කරනු ලැබු ගුවන් රන්දරු සිත්තමි 2022 චිත්‍ර‍ තරගාවළියේ ජයග‍්‍රහනය කරනු ලැබු දුවා දරුවන් වෙත ත්‍යාග හා සහතිකපත් ප‍්‍රධානය කිරිමද මෙහිදි ගුවන් හමුදාපති තුමන් විසින් සිදු කරන ලදි.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා අධ්‍යක්ෂය මණ්ඩලයේ නිළධාරින් මෙන්ම ගුවන් හමුදා සේවාවනිතා ඒකකයේ සාමාජිකාවන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Read more

Local News