සතොස හරහා ආහාර වර්ග 6කට මිල සහනයක්

Share

ලංකා සතොස විසින් (07) සිට ආහාර වර්ග 06 ක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමේ දී ප්‍රකාශ කළේය.

ඒ අනුව, පෙර රුපියල් 430 කට පැවති දේශීය අර්තාපල් කිලෝවක නව මිල රුපියල් 395 කි.

එමෙන්ම, සුදු සීනි කිලෝවක නව මිල රුපියල් 275ක්, ආනයනික සුදු කැකුළු කිලෝවක නව රුපියල් 174 ක්, දේශීය සම්බා කිලෝවක නව මිල රුපියල් 220 ක්, රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 398ක් සහ කඩල කිලෝවක නව මිල රුපියල් 650 ක් වන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News