අද (08) සිට අනුරාධපුරය බලා යන දෙස් විදෙස් සංචාරකයින්ට සහ වන්දනාකරුවන් වෙනුවෙන් ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නව දුම්රියක් යොදවා ඇත.
සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9.20 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර දහවල් 1.42 ට අනුරාධපුරයට ළඟා වන අතර, අනුරාධපුරයෙන් පස්වරු 5.00 ට ගමන් අරඹා රාත්රී 9.14 ට කොළඹ කොටුවට ළඟා වීමට නියමිතයි.




