ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා ජපානයේ සාත්තු සේවක අංශයේ රැකියා දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් ලබන වසරේදී ලබාදීමට, ජපානයේ GTN – Global Trust Network ආයතනය පොරොන්දු වී ඇත.
ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සදහා ජපානයේ සංචාරයක නිතර කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර GTN – Global Trust Network සභාපති Hiroyuki Goto, පුහුණු ශ්‍රමික අංශයේ කළමණාකරු Yuka Kuwahara, ප්රමුඛ කළමණාකාරීත්වයේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කළ අතර එහිදී, මේ වසර තුළ කඩිනමින් සාත්තු සේවකයින් 150 දෙනෙක් බදවා ගැනීමටද ලබන වසරේදී සාත්තු සේවකයින් දහසක් බදවා ගැනීමටද එකගතාවය පළ කර ඇත.



