ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය වී දෙවතාවක්ම එම තනතුර හොබවමින් ජාත්‍යන්තර වාර්තාවක් සනිටුහන් කල දිවංගත අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක අභාවප්‍රාප්ත වී අදට වසර විසි දෙකයි.
ලංකාව ශ්‍රී ලංකා ජනරජයක් බවට පත් කරමින් නව ජනරජ ව්‍යවස්ථාවක් හදුන්වා දීම තුලින් ඇය ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තරයේද අවධානය සහ ගෞරවය ගැනීමට සමත් වුනා.
ඇයගේ දේශපාලන ජීවන ගමන තුල ඇය හිමි කරගත් සුවිශේෂී ජයග්‍රහණය නොබැදි විදේශ ප්‍රතිපත්තියයි. එක්දහස් නවසිය හැත්තෑ හය වර්ෂයේදී පස්වෙනි නොබැඳි ජාතීන්ගේ සමුළුවට සත්කාරකත්වය ලබාදීමට ශ්‍රී ලංකාව සමත් වන්නේ සිරිමාවෝ මැතිණියගේ නායකත්වය තුළින්. එසේම ඇය රටට නව කාර්මික ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සමත් වුණා.
ඒ සමාජවාදී කඳවුරේ රටවල් රැසක අනුග්‍රහයෙන් රට තුළ සිමෙන්ති, කඩදාසි, වානේ සහ රසායනික කර්මාන්ත රැසක් ස්ථාපිත කිරීමත් සමගින්. යැපුම් ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් ඇය තුළ වූ දුර දක්නා දැක්ම අද දවසේ බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති බව කිව යුතුයි.
සිරිමාවෝ මැතිණියගෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලය සියතට ගන්නා ඇගේ දියණිය වන චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකාවේ පළමු කාන්තා විධායක ජනාධිපතිවරිය ලෙස රාජ්‍ය පාලනය ආරම්භ කළා.
මේ අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අභාවප්‍රාප්ත වී වසර විසි දෙකක් සපිරීම නිමිත්තෙන් නිට්ටඹුව රන්පොකුණගම බෞද්ධ මධ්‍යස්ථානයේදී ධර්ම දේශනයක් පැවැත්වුණා.
ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන්.



