ගෝලීය ආර්ථික අවපාතයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම්

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ දෙදහස් විසි දෙක වාර්ෂික ඒකාබද්ධ සමුළුව ඊයේ ආරම්භ වුණා. ඒ ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී.

එම සමුළුවේදී ලෝක බැංකුව අවධාරණය කර ඇත්තේ ලබන වසරේදී ගෝලීය ආර්ථික අවපාතයක් ඇති වීමේ ඉහළ අවදානමක් පවතින බවයි. ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස්, මේ බව සඳහන් කළා.

පොලී අනුපාතික ඉහළ නැංවීම හා උද්ධමනය ඉහළ යාම හේතුවෙන් ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. එසේම මෙම සමුළුවට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ප්‍රකාශ කළේ ඉහළ ණය ගැනීමේ පිරිවැය මේ වන විටත් ලොව පුරා ආර්ථිකයට බරපතළ ප්‍රතිවිපාක අත්කර දෙමින් සිටින බවයි.

Read more

Local News