ප්‍රියමාලිගේ ජංගම දුරකතනයෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

Share

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලිට එරෙහිව තවත් පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.

එක් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි. අනෙක් පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ඇයගේ මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ පුද්ගලයෙකුයි.

ඒ අනුව තිලිණි ප්‍රියමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව දහය දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News