මහා පරිමාණ මූල්‍ය වංචාවකට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රීයමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි රැසක් ගොනු කර තිබෙනවා.
ඊයේ දින ජනතා විමුක්ති පෙරමුණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීරීවරුන් වන උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි ගොනු කළා.
මේ අතර තිලිණි ප්‍රියමාලිගේ මුදල් වංචාවට සම්බන්ධ පුද්ගලයින් සහ එම මූල්‍ය වංචාව පිළිබඳ තොරතුරු ලබා ගැනීමට තොරතුරු දැනගැනීමේ පනත යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා.



