අධික වර්ෂාපතනයත් සමඟ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

Share

ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ගාල්ල ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා. ඒ හේතුවෙන් පාසල් දරුවන් ඇතුළු එම ප්‍රදේශයේ ජනතාව අපහසුතාවයට පත්ව තිබුණා.

මේ අතර කළුතර නගරයට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් හිල් වීදිය, බෝතුවත්ත, ප්‍රදේශයේ නිවාස හා ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී තිබෙනවා. මෙම ප්‍රදේශය ජලය බැසයාමේ ක්‍රමානුකූල පද්ධතියක් නොමැති වීමෙන් ජනතාව එසේ අපහසුතාවයට පත්ව තිබුණා.

අධික වර්ෂාව සමඟ කුරුණෑගල ප්‍රදේශයේ පූජනීය ස්ථානයකට අඹ ගසක් සහ බෝ අත්තක් කඩා වැටී තිබෙනවා.

Read more

Local News