අහුංගල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ වෙඩි පහරින් මියගොස් තිබෙනවා.
අත්අඩංගුවට පත්ව සිටි ඔහු සඟවා තිබූ ගිනිඅවියක් පෙන්වීමට යාමේදී එම ගිනි අවියෙන් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී සිදුවූ වෙඩි හුවමරුවකිනුයි මෙම සැකකරු මියගොස් ඇත්තේ.



