නෙඩුන්කේනි, ශිවානගර් ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි තැබීමෙන් තරුණියක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
වයස අවුරුදු 21 වන දුරෙයිරාජසිංහම් ප්‍රමිලා නමැති මියගිය තරුණිය එම ප්‍රදේශයේම පදිංචිකාරිණියක්.
වෙඩි තැබීමට හේතුව හා වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද යන්න මෙතක් අනාවරණය වී නැහැ.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් නෙඩුන්කේනි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



