දිස්ත්‍රික්ක 6කට තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Share

මේ වන විට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බස්නාහිර සහ සබරගමුව පළාත් ඇතුලු දිස්ත්‍රික්ක 6ක් සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම වැසි මි.මි 100 ට වැඩි තද වැසි විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

අදාල නිවේදනය ඉරිදි පය 24 ක කාලය සඳහා බලාත්මකයි.

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ මේ වන විටත් විමලසුරේන්ද්‍ර සහ කැනියොන් ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා.

Read more

Local News