සිරිනිවාස නාහිමියන්ගේ අදාහන පූජෝත්සවය ලබන සෙනසුරාදා

Share

අටමස්ථානාධිපති අති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අද අලුයම අපවත් වී තිබෙනවා.

ඒ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී.

අටමස්ථානාධිපති අති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ දේහය මේ වන විට පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.

උන්වහන්සේගේ දේහය අද පස්වරු 01ට විශේෂ රථ පෙරහැරකින් අනුරාධපුරයට වැඩම කිරීමට නියමිතයි.

එසේම සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන සෙනසුරාදා පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

ආදාහන පූජෝත්සවය සඳහා රජයේ කිසිදු මුදලක් භාවිතා නොකිරීමට අටමස්ථාන විහාරාධිපති නායක ස්වාමින් වහන්සේලා සහ දායක සභාව තීරණය කර තිබෙනවා.

Read more

Local News