මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ දොරටු 4ක් මේ වන විට විවෘත කර තිබෙනවා.
ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුනොත් එම ජලාශයේ සෙසු වාන් දොරටුවත් විවෘත වන බවයි ජලාශබාර ඉංජිනේරුවන් පවසන්නේ.
එසේම විලසුරේන්ද්‍ර ජලාශයත් වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.
කාසල්රි හා මාවුස්සා කැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බවත් එම ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමඟ විමලසුරේන්ද්‍ර, කැනියොන්, නව ලක්ෂපාන, පොල්පිටිය යන විදුලි බලාගාරවල ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයෙන් සිදු කරන බවයි එම විදුලි බලාගාරයේ විදුලි ඉංජිනේරුවන් පවසන්නේ.
අධික වර්ෂාව නිසා මහවැලි ගඟේ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 4ක් මේ වන විට විවෘත කර තිබෙනවා.



