අපවත් වී වදාළ අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින්වහන්සේගේ දේහය මේ වන විට අනුරාධපුර මහා විහාර සන්නිපාත ශාලාවේදී තැන්පත් කර තිබෙනවා.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරු 2.30ට මහා විහාර ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිතයි.



