සංචාරක වීසා මඟින් ගොස් විදෙස් රටවලදී රැකියා සඳහා පුද්ගලයන් අළෙවි කරන කටයුතුවල යෙදෙන තැරැව්කරුවන් කීපදෙනෙකු මේ වනවිට අත් අඩංගුවට ගෙන තිබෙන බවත් දැනට ලංකාව ඇතුළේ සහ ගුවන්තොටුපලේ මේවාට සම්බන්ධ සියලු පාර්ශව අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට දීර්ඝ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.
අද (18) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.



